Posts

පුෂ්පරාග

Image
\ ජෝතිෂ කරුණු අරමුණු කරගෙන මැණික් පැළඳීමේදී නැතුවම බැරි මැණික් විශේෂයක් ලෙස පුෂ්පරාග බහුලව භාවිතා වේ. එලෙසම ලොව පුරා ආභරණ සඳහා බහුලව භාවිතා වන කුරුවින්ද පවුලට අයත් රන්වන් කහ පැහැයේ සිට අඩු කහ පැහැය දක්වා වර්ණ පරාසයන්ගෙන් සමන්විත ඉතා අනර්ඝ මැණිකක් ලෙස පුෂ්පරාග හැඳින්විය හැක. කුරුවින්ද පවුලෙ මැණික් වල ප් ‍ රධාන වශයෙන් අඩංගුව ඇති ඇලුමිනියම් ඔක්සයිඩ් රසායන සංයුතිය සමග අයන් වර්ණ රසායනය අඩු වැඩි වශයෙන් අඩංගු වීම තුළින් මෙම මැණිකට කහ වර්ණය ලැබී ඇත. මෙහි රන්වන් කහ පැහැයෙන් යුතු පුෂ්පරාග  මැණික් ඉතා මිල අධික වන අතර ගුණාත්මක භාවයෙන් වැඩි අලංකාර පුෂ්පරාග මාණික් ‍ යයන් බහුලව හමුවන ප් ‍ රධාන රටක් ලෙස ශ් ‍ රී ලංකාව හැඳින්විය හැක. එසේම මැඩගස්කරය, ටැංසානියාව, ඉතියෝපියාව, මියන්මාරය, ඕස්ට් ‍ රේලියාව, ඉන්දියාව, අප් ‍ රිකාව වැනි රටවල ද සාමාන් ‍ යය ගුණාත්මකභාවයකින් යුතු පුෂ්පරාග හමුවේ. ජ් ‍ යොතිෂය භාවිතයේදී ගුරු ( බ් ‍ රහස්පති ) ග් ‍ රහයා සඳහා නියමිතව ඇති මැණික ලෙස පුෂ්පරාග නිරන්තරයෙන් ශ් ‍ රී ලංකාව සහ ඉන්දියාව තුළ පැළඳීමට යොදාගනී. එමෙන්ම ඇතැම් රෝගාබාධ සඳහාද ස්ඵටික සුව කරන්නන් විසින් පුෂ්ප...

මැණික් හා ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය

Image
  අලංකාරය, දුර්ලභත්වය හා දෘඩතාවය යන ප්‍රධාන ලක්ෂණ තුනෙන් සමන්විත ආභරණ සෑදීම හෝ වෙනත් සැරසිලි සඳහා යොදා ගැනෙන පාෂාණ හෝ තෝරාගත් අස්ඵටික ද්‍රව්‍ය මැණික් ලෙස හැඳින්විය හැක. අස්ඵටික යනුවෙන් හදුන්වනුයේ ස්ඵටික ස්වරූපයෙන් නොවූ සත්ව කොටස් හෝ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන්ට ලක් වී නිර්මාණය වූ මැණික් විශේෂයි. උදාහරණ වශයෙන් මුතු, කොරල්, ඇම්බර්, ජෙට්, ඇමලයිට් වැනි මැණික් විශේෂ ගත හැක. 2500කට අධික මැණික් වර්ගයන් දැනට ලොව පුරා සොයාගෙන ඇත. නමුත් ආභරණ සඳහා යොදාගැනෙන්නේ මැණික් වර්ග කිහිපයකි. ඊට හේතුව ඇතැම් මැණික් වර්ග වල පවතින දුර්වල දෘඩතාවය නිසාය. ඇතැම් මැණික් වර්ග අලංකාරය, දුර්ලභ බව යන මැණිකක් සතු ප්‍රධාන ලක්ෂණ තුනෙන් දෙකක්ම අඩංගු වුවත්, දෘඩතාවයේ පවතින දුර්වලකම නිසා ආභරණ සඳහා යොදා නොගැනෙන අතර වටිනාකමින්ද අඩු අගයක් ගනී.  ඇතැමුන් අලංකාරය සඳහා මැණික් මිලදී ගනියි. තවත් සමහරක් පිරිස තම ධනවත් භාවය, පොහොසත් භාවය පෙන්වීම සඳහා භාවිතා කරයි. තවත් සමහරක් ආයෝජන ලෙස මැණික් මිලදී ගනු ලබයි. ඒ වගේම අහිතකර කිරණ වලින් ආරක්ෂා වීම සඳහා ඇතැමුන් මැණික් භාවිතා කරයි. තවත් පිරිසක් මැණික් සතුව ඇති සුව කිරීමේ හැකියාව න...

නිල් මැණික්

Image
මැණික් කුලයන් තුළ අනර්ගතම මිණිකැටයක් වූ නිල් පැළඳීමෙන් පුද්ගලයකුට මුදුන්පත් කරගත හැකි අභිලාෂයන් බලාපොරොත්තු බොහෝ ඇති බව අත්දැකීමෙන් හා ජෝතිෂ්‍යවිදයානුකුලව විග්‍රහ කර ඇති අතර යම් අයෙකුගේ කීර්තිය හා ප්‍රසිද්ධිය ලඟා කරගැනීමට නිල් මැණික් පැළඳීමෙන් මහත් වූ ප්‍රතිපල ලබාගත හැකි බව පෙර අපරදිග වෙසෙන සුප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ජීවිත තුලින් පෙන්වාදී ඇත. ඇතැම් ආගමික පූජකවරුන් , ජ්‍යෝතිෂවේදීන්, දේශපාලකයන්, කලාකරුවන්, ව්‍යාපාරිකයින් මෙන්ම ලොවේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටින්නන්ගේ තේරීම වී ඇත්තේ නිල් මැණික් ය.  සිතේ පවතින ව්‍යාකුලතාවයන් සමනය කර ඉවසීම , සන්සුන්බව ප්‍රගුනකිරීමට සහය වීම නිල් මැණික් සතුව ඇති විශේෂ ගුණාංගයකි. ඉහත කී කාරණා සඳහා විශේෂයෙන් ම බලපානු ලබන්නේ නිල් මැනික් සතුව ඇති වර්ණ තරංගමය ශක්තිය, කම්පන ශක්තිය හා රසායනික සංයුතියේ ඇති සුව කිරීමේ හැකියාව වැනි ගුණාංග වේ.  නිල් මැණික තුළ ඇති වර්ණ තරංග ශක්තිය කම්පන ශක්තිය හා මුසු වී සෙනසුරු ග්‍රහයාගේ ශක්තිය ජනනය කිරීමට හැකිවීම නිසා සෙනසුරු ග්‍රහයාගේ බලපෑම් අවම කිරීමට උපකාරී වේ.  නිල් මැණික තුළ පවතින කම්පනය ශක්තිය නිසා ශරීරයෙහි සංසරණ ...