නිල් මැණික්


මැණික් කුලයන් තුළ අනර්ගතම මිණිකැටයක් වූ නිල් පැළඳීමෙන් පුද්ගලයකුට මුදුන්පත් කරගත හැකි අභිලාෂයන් බලාපොරොත්තු බොහෝ ඇති බව අත්දැකීමෙන් හා ජෝතිෂ්‍යවිදයානුකුලව විග්‍රහ කර ඇති අතර යම් අයෙකුගේ කීර්තිය හා ප්‍රසිද්ධිය ලඟා කරගැනීමට නිල් මැණික් පැළඳීමෙන් මහත් වූ ප්‍රතිපල ලබාගත හැකි බව පෙර අපරදිග වෙසෙන සුප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ජීවිත තුලින් පෙන්වාදී ඇත.

ඇතැම් ආගමික පූජකවරුන් , ජ්‍යෝතිෂවේදීන්, දේශපාලකයන්, කලාකරුවන්, ව්‍යාපාරිකයින් මෙන්ම ලොවේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටින්නන්ගේ තේරීම වී ඇත්තේ නිල් මැණික් ය. 

සිතේ පවතින ව්‍යාකුලතාවයන් සමනය කර ඉවසීම , සන්සුන්බව ප්‍රගුනකිරීමට සහය වීම නිල් මැණික් සතුව ඇති විශේෂ ගුණාංගයකි.

ඉහත කී කාරණා සඳහා විශේෂයෙන් ම බලපානු ලබන්නේ නිල් මැනික් සතුව ඇති වර්ණ තරංගමය ශක්තිය, කම්පන ශක්තිය හා රසායනික සංයුතියේ ඇති සුව කිරීමේ හැකියාව වැනි ගුණාංග වේ. 
නිල් මැණික තුළ ඇති වර්ණ තරංග ශක්තිය කම්පන ශක්තිය හා මුසු වී සෙනසුරු ග්‍රහයාගේ ශක්තිය ජනනය කිරීමට හැකිවීම නිසා සෙනසුරු ග්‍රහයාගේ බලපෑම් අවම කිරීමට උපකාරී වේ. 

නිල් මැණික තුළ පවතින කම්පනය ශක්තිය නිසා ශරීරයෙහි සංසරණ පද්ධතීන් හි නිසි ක්‍රියාකාරිත්වයට දායක වීම නිසා මානසික පීඩනය අවම වීම සංසරණ පද්ධතීන් හි නිසි ක්‍රියාකාරීත්වය ඇති කිරීම වැනි සෞඛ්‍යයට යහපත් ගුණාංග රැසක් නිල් මැණික තුළ පවතී. 
එමෙන්ම නිල් මැණික තුළ පවතින ඇලුමිනියම් ඔක්සයිඩ් හා iron titanium යන මූලද්‍රව්‍ය වල රසායනික බලපෑම මත විවිධ රෝගාබාධයන් සුව කිරීමට නිල් මැනික් සතුව හැකියාව ඇත. 

එමෙන්ම නිල් මැනික් විශුද්ධි හා ආඥා යන චක්‍ර උත්තේජනය කරන බැවින් උගුර හා නළල ආශ්‍රිත රෝගාබාධයන් සුව වීමේ හැකියාවක් පවතින අතර සන්නිවේදන හැකියාව වැඩි දියුණු වෙයි

කතෘ අයිතිය සුරකින්න ©astro_gem_lanka

දුරකථන,
+94 76 62944 53 ( වයිබර් / වට්ස්ඇප් ) 
වෙබ් අඩවිය, 
astrogemlanka.weebly.com 
විද්‍යුත් තැපෑල,
astrogemlanka@gmail.com

Comments

Popular posts from this blog

මැණික් හා ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය

පුෂ්පරාග