මැණික් හා ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය
අලංකාරය, දුර්ලභත්වය හා දෘඩතාවය යන ප්‍රධාන ලක්ෂණ තුනෙන් සමන්විත ආභරණ සෑදීම හෝ වෙනත් සැරසිලි සඳහා යොදා ගැනෙන පාෂාණ හෝ තෝරාගත් අස්ඵටික ද්‍රව්‍ය මැණික් ලෙස හැඳින්විය හැක. අස්ඵටික යනුවෙන් හදුන්වනුයේ ස්ඵටික ස්වරූපයෙන් නොවූ සත්ව කොටස් හෝ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන්ට ලක් වී නිර්මාණය වූ මැණික් විශේෂයි. උදාහරණ වශයෙන් මුතු, කොරල්, ඇම්බර්, ජෙට්, ඇමලයිට් වැනි මැණික් විශේෂ ගත හැක.
2500කට අධික මැණික් වර්ගයන් දැනට ලොව පුරා සොයාගෙන ඇත. නමුත් ආභරණ සඳහා යොදාගැනෙන්නේ මැණික් වර්ග කිහිපයකි. ඊට හේතුව ඇතැම් මැණික් වර්ග වල පවතින දුර්වල දෘඩතාවය නිසාය. ඇතැම් මැණික් වර්ග අලංකාරය, දුර්ලභ බව යන මැණිකක් සතු ප්‍රධාන ලක්ෂණ තුනෙන් දෙකක්ම අඩංගු වුවත්, දෘඩතාවයේ පවතින දුර්වලකම නිසා ආභරණ සඳහා යොදා නොගැනෙන අතර වටිනාකමින්ද අඩු අගයක් ගනී.
ඇතැමුන් අලංකාරය සඳහා මැණික් මිලදී ගනියි. තවත් සමහරක් පිරිස තම ධනවත් භාවය, පොහොසත් භාවය පෙන්වීම සඳහා භාවිතා කරයි. තවත් සමහරක් ආයෝජන ලෙස මැණික් මිලදී ගනු ලබයි. ඒ වගේම අහිතකර කිරණ වලින් ආරක්ෂා වීම සඳහා ඇතැමුන් මැණික් භාවිතා කරයි. තවත් පිරිසක් මැණික් සතුව ඇති සුව කිරීමේ හැකියාව නිසා ඖෂධයක් ලෙස භාවිතා කරයි. කෙසේ හෝ අතීතයේ සිට අද දක්වා මැණික් කර්මාන්තය නොනැසී ඉදිරියට ගමන් කරයි.
මැණික් සම්බන්ධව කතා කිරීමේදී ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රධාන රට වන්නේ ඉන්දීය සාගරයේ මුතු ඇටය වන ශ්‍රී ලංකාවයි. අතීතයේදී ශ්‍රී ලංකාව රත්නදීපය ලෙස හඳුන්වනු ලැබුවේ ඉතා දුර්ලභ, වටිනාකමින් වැඩි, ගුණාත්මකභාවයෙන් ඉහල බොහෝ මැණික් වර්ගයන් ශ්‍රී ලංකා භූමිතලය තුළින් හමුවූ බැවින්ය. එමෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ පැරණිම වෙළදාම ලෙස මැණික් ව්‍යාපාරය හඳුනාගෙන ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් වෙනත් රට වලට මැණික් අපනයනය කර ඇති බවට ඉතිහාස සාක්ෂි සාධක වල පවා සටහන් වී ඇත. ශ්‍රී ලංකාව තුළ බහුලව උසස්ම ගණයේ කුරුවින්ද පවුලේ මැණික් පඩියන් අඹතෙස් හා අනෙකුත් බොහෝ වර්ගයන්හි මැණික් හමුවූ බව මාකෝපෝලෝගෙ සටහන්වල දක්වා ඇත. එමෙන්ම දෙවන ශතවර්ෂයේ කුරුවින්ද පවුලේ සහ තරිප්පු පවුලේ මැණික් හමුවන ප්‍රධානම ස්ථානය ලෙස ශ්‍රී ලංකාව පී ටොලමි විසින් සඳහන් කර ඇත.
කතෘ අයිතිය සුරකින්න ©astro_gem_lanka
දුරකථන,
+94 76 62944 53 ( වයිබර් / වට්ස්ඇප් )
වෙබ් අඩවිය,
astrogemlanka.weebly.com
විද්‍යුත් තැපෑල,
astrogemlanka@gmail.com
Comments
Post a Comment