පුෂ්පරාග


\

ජෝතිෂ කරුණු අරමුණු කරගෙන මැණික් පැළඳීමේදී නැතුවම බැරි මැණික් විශේෂයක් ලෙස පුෂ්පරාග බහුලව භාවිතා වේ. එලෙසම ලොව පුරා ආභරණ සඳහා බහුලව භාවිතා වන කුරුවින්ද පවුලට අයත් රන්වන් කහ පැහැයේ සිට අඩු කහ පැහැය දක්වා වර්ණ පරාසයන්ගෙන් සමන්විත ඉතා අනර්ඝ මැණිකක් ලෙස පුෂ්පරාග හැඳින්විය හැක.

කුරුවින්ද පවුලෙ මැණික් වල ප්රධාන වශයෙන් අඩංගුව ඇති ඇලුමිනියම් ඔක්සයිඩ් රසායන සංයුතිය සමග අයන් වර්ණ රසායනය අඩු වැඩි වශයෙන් අඩංගු වීම තුළින් මෙම මැණිකට කහ වර්ණය ලැබී ඇත. මෙහි රන්වන් කහ පැහැයෙන් යුතු පුෂ්පරාග මැණික් ඉතා මිල අධික වන අතර ගුණාත්මක භාවයෙන් වැඩි අලංකාර පුෂ්පරාග මාණික්යයන් බහුලව හමුවන ප්රධාන රටක් ලෙස ශ්රී ලංකාව හැඳින්විය හැක. එසේම මැඩගස්කරය, ටැංසානියාව, ඉතියෝපියාව, මියන්මාරය, ඕස්ට්රේලියාව, ඉන්දියාව, අප්රිකාව වැනි රටවල ද සාමාන්යය ගුණාත්මකභාවයකින් යුතු පුෂ්පරාග හමුවේ.
ජ්යොතිෂය භාවිතයේදී ගුරු ( බ්රහස්පති ) ග්රහයා සඳහා නියමිතව ඇති මැණික ලෙස පුෂ්පරාග නිරන්තරයෙන් ශ්රී ලංකාව සහ ඉන්දියාව තුළ පැළඳීමට යොදාගනී. එමෙන්ම ඇතැම් රෝගාබාධ සඳහාද ස්ඵටික සුව කරන්නන් විසින් පුෂ්පරාග පැළඳීම නියම කරනු ලබයි. ඇතැම් පුද්ගලයින් අලංකාරය සඳහාත්, ධනවත් භාවය පෙන්වීම සඳහාත්, ආයෝජන වශයෙන් ද පුෂ්පරාග මිලදී ගැනීම දැකගත හැක. ආයෝජන වශයෙන් මිලදී ගැනීමේදී ගුණාත්මකභාවයෙන් ඉහළ, අනාගත වෙළඳපල අගය ඉහළ යා හැකි යැයි උපකල්පනය කළ හැකි, මැණික් මිලදී ගැනීම සිදුකරනු ලබයි. මැණික් ව්යාපාරයෙ යෙදෙන වෙළදුන් හැරුණුකොට ආයෝජන අරමුණින් මැණික් මිලදී ගැනීම, මෑත කාලයේ දී ඇති වූ නව ප්රවණතාවයකි.
පුෂ්පරාග මැණිකහි ඇති වර්ණ තරංගමය ශක්තිය, රසායනික සුව කිරීමේ හැකියාව හා කම්පන ශක්තිය මගින් විවිධ ආකාරයෙන් මිනිසාගේ භෞතික ශරීරය සහ ආධ්යාත්මික ශරීරය සමග ක්රියා කිරිම නිසා විවිධ ප්රතිලාභ ලබාගත හැකිවේ.
පුෂ්පරාග මැණිකහි පවතින වර්ණ තරංගමය ශක්තිය හා කම්පන ශක්තිය මගින් මනිපුර චක්රය උත්තේජනය කරන බැවින් එය මානසික ඒකාග්රතාවය වැඩිදියුණු වීම, ආමාශය හා වකුගඩු ආශ්රිත රෝගාබාධ අවම වීම, ඥාන සම්පන්නව සිතීමේ හැකියාව, ශරීරයේ සංසරණ පද්ධතීන් හි නිසි ක්රියාකාරීත්වය ඇතිවීම වැනි බොහෝ ප්රතිලාභ හිමිවේ.
එසේම පුෂ්පරාග මැණිකහි ඇති රසායනික සුව කිරීමේ හැකියාව මගින් යකඩ ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා එය අවම කර ගැනීම සඳහා උපකාරී වේ.
එසේම වර්ණ තරංගමය හා කම්පන ශක්තිය මගින් ගුරු ග්රහයාගේ ශක්තිය ජනනය කරන බැවින් ජ්යොතිෂයේදී ඉතා බහුලව පුෂ්පරාග මැණික භාවිතා වෙයි. එසේම භෞතික ශරීරයට හා ආධ්යාත්මික ශරීරයට එල්ල වන අහිතකර කිරණ වලින් ආරක්ෂා වීමට ද මෙහි ඇති තරංගමය ශක්තිය උපකාරී වේ.
ජ්යොතිෂයේදී මැණික් නියම කිරීම් පුරාණ ඍෂිවරුන් විසින් ග්රහ තරංග මගින් ඇතිවන බලපෑම, මැණික් තුළින් නිකුත් වන ශක්තිය හා ගුණ නුවණින් දැක, ඉදිරි පරම්පරාවන් සඳහා සටහන් කොට ඇති අතර ඇතැම් ඥාන සමුදායන් පරම්පරාවෙන් පරම්පරාවට කට වහරින් දායාද වේ.
ඉදිරි ලිපි වලදී මැණික් සම්බන්ධ සුවකිරීම් හා භාවිතයන් පිළිබඳ පළ කිරීමට බලාපොරොත්තු වන්නෙමු
කතෘ අයිතිය සුරකින්න ©astro_gem_lanka
දුරකථන,
+94 76 62944 53 ( වයිබර් / වට්ස්ඇප් )
වෙබ් අඩවිය,
astrogemlanka.weebly.com
විද්‍යුත් තැපෑල,
astrogemlanka@gmail.com

Comments

Popular posts from this blog

මැණික් හා ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය

නිල් මැණික්